තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මන්ත්‍රී ඝාතනයට කෝකියෙක් ඇතුළු දෙකක් අල්ලයි

    මන්ත්‍රී ඝාතනයට කෝකියෙක් ඇතුළු දෙකක් අල්ලයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ගුණවර්ධන ඝාතනයට සම්බන්ද තවත් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නිට්ටඹුවේ හෝටලයක සේවයේ නිතර සිටින දිවුලපතනේ පදිංචිකරුවෙක් වන 21 හැවරදි කෝකිවරයෙක් සහ ස්ථිර රැකියාවක් නොමැති නිට්ටඹුවේ පදිංචි 58 වියැති පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

    මේ වන විට එම ඝාතනයන් සම්බන්ධයෙන් පුද්ගලයින් 16 දෙනෙක් සැකපියට අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අය අතර මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා ඝාතනයට ඝෘජුවම සම්බන්ධ පුද්ගලයින්ද සිටිති. එසේම මන්ත්‍රී ආරක්ෂකයාගේ ගිනි අවිය පැහැරගෙන එය සඟවාගෙන සිටි නිට්ටඹුවේ එළවළු වෙළද සැල් හිමිකරුවෙක්ද සිටී. මෙම ඝාතනයට අත්අඩංගුවටගත් අය අතර ආරක්ෂක අංශයේ හිටපු සාමාජිකයින් දෙදෙනෙක්ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img