ගාලුමුවදොර අරගලකරුවන්ට පහරමටත් දේශපාලනඥයන්ගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවලට පහරදීමටත් අදාල ඡායාරූප, වීඩියෝ දර්ශන සහ තොරතුරු 1213 ක් ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
එසේ පොලිස්පති විද්‍යුත් තැපෑලට ලද ඡායාරූප ගණන 515ක් වන බවත් වීඩියෝ දර්ශන ගණන 90 ක් වන බවත් තොරතුරු ගණන 608 ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.
මෙම තොරතුරු ඔස්සේ පොලීසිය විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩගුවට ගෙන ඇති බවත් තවත් පිරිස් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
09 වෙනිදා සිදුවූ පහරදීම් සම්බන්ධයෙන් මෙතෙක් ලැබී ඇති පැමිණිලි ගැන 854කි. ඊයේ දිනයේ පමණක් පැමිණිලි 88ක් ලැබී ඇත. මෙතෙක් එම පැමිණීල් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 1966ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා කීය.
එසේ අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් 866 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අතර සෙසු අය අධිකරණමය සහ පොලිස් ඇප මත මුදාහැර තිබේ.