තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශපාලනඥයන්ගේ නිවෙස්වලට පහරදෙන්න සමාජ මාධ්‍ය ජාල මඟින් ජනතාව කැළඹූ බව කියන තරුණයෙක්...

    දේශපාලනඥයන්ගේ නිවෙස්වලට පහරදෙන්න සමාජ මාධ්‍ය ජාල මඟින් ජනතාව කැළඹූ බව කියන තරුණයෙක් අත්අඩංගුවට

    ගාලුමුවදොර අරගලකරුවන්ට සහ අරගල භූමියට ඉකුත් 09 වෙනිදා ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ රටපුරා දේශපාලනඥයන්ගේ නිවෙස්වලටත් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලටත් ප්‍රහාර එල්ලකිරීමට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ජනතාව කැළඹවූ බව කියන පිරිස් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශණ ඒකකය පරීක්ෂණ ආරම්භකර තිබේ.

    ඒ අනුව ගම්පහ හරකන්දෙනියේ පදිංචි 20 හැවරදි තරුණයෙක් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    මෙසේ ජනතාව කැළඹෙන ආකාරයෙන් විිවිධ ප්‍රකාශ බෙදා හරින ලද සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් හඳුනාගෙන ඇති බවත් එම සමාජ මාධ්‍ය ජාල සමූහයන මෙහෙයවූ පුද්ගලයින් සොයා විමර්ශන සිදුවන බවත් නිහාල් තල්දූව මහතා කීය.

    ඔවුන් සම්බන්ධයෙන් පරිගණක අපරාධ නීතියෙන් මෙන්ම පොලිස් ආඥාපනතින් ක්‍රියාත්මක වන බවද තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img