තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුමාර වෙල්ගම ඇතුළු තිදෙනෙකුට පහරදී මෝටර් රථයට ගිනි තැබුවාට දෙකක් අල්ලයි

    කුමාර වෙල්ගම ඇතුළු තිදෙනෙකුට පහරදී මෝටර් රථයට ගිනි තැබුවාට දෙකක් අල්ලයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාටත් ඔහුගේ ආරක්ෂක නිලධාරියාටත් රියදුරුටත් ඉකුත් 09 වෙනිදා කොට්ටාය අධිවේගී පිවිසුම ආසන්නයේදී පහරදී මොටර් රථයට ගිනි තැබීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    පහරදීම්වලින් බරපතල තුවාල ලැබූ කුමාර වෙල්ගම මහතාත් ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් බොතේජු යන නිලධාරියාත් රියදුරුත් රෝහල්ගතකර සති දෙකකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලැබීය.

    දීර්ඝ විමර්ශනයකින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර එක් අයෙක් වයස අවුරුදු 37 ක් වන මාකුඹුර පාරේ අවන්හලක කෝකියෙකි. අනෙත් සැකකරු වයස අවුරුදු 30 ක් වන හොරණ පදිංචිකරුවෙක් වන සෞඛ්‍ය කාර්ය සහයකයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img