බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථානමාරුවක් ලබානොදීම සම්බන්ධයෙන් හේතු දක්වමින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අධිකරණයට ලිඛිත කරුණු දැක්වීමක් කර තිබේ.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර් මඟින් ලිපියක් යොමු කරමිනි.
එම ලිපිය පොලිස්පතිවරයා විසින් පොලීසියේ සිටින නීතීඥයෙක් සමඟ එක්ව සකස්කර රහස් ලියැවිල්ලක් ලෙස යොමුකර ඇත්තේ ඊයේ දිනයේය.
දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදීමට නොහැකි බව සඳහන් කරමින් නීතිපතිවරයාටද දින කිහිපයකට ඉහතදී පොලිස්පති ලිපියක් යොමුකර තිබුණි.