fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනතුරක් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

    අනතුරක් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් පදවාගෙන ගොස් යතුරු පැදියක හප්පා අනතුරක් සිදුකර පලා ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.

    යතුරුපැදිකරුද අනතුරෙන් තුවාල ලබා ඇත.

    මෙලෙස සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

    අනතුරෙන් තුවාල ලැබූ යතුරු පැදිකරු හෝමාගම පනාගොඩ පදිංචි පුද්ගලයකු බවද පොලිසිය කියයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.