තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්21 ගැන හෙට පක්ෂ අතර සාකච්ඡාවක්

    21 ගැන හෙට පක්ෂ අතර සාකච්ඡාවක්

    යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පාර්ලිම්න්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ අතර හමුවක් හෙට පැවැත්වේ.

    එම සාකච්ඡා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හෙට පස්වරු 04.00 ට පැවැත්වෙනු ඇත.

    එම කෙටුම්පත පාර්ලිමේන්තුව තුල සම්මත කිරීමට පෙර දේශපාලන පක්ෂ හමුවී තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.

    මෙම කෙටුම්පත අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙය පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

    පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට ඒ බව කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එහිදී තීරණය කළ බව අගමැතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් කියාසිටියේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img