තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු අගමැති මහින්දගෙන් සී.අයි.ඩී.ය ප්‍රකාශයක් ගනී

    හිටපු අගමැති මහින්දගෙන් සී.අයි.ඩී.ය ප්‍රකාශයක් ගනී

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයන්ට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශයක් සටහන්කරගෙන ති‌බේ.

    ඊයේ සවස මෙම ප්‍රකාශය සටහන්කර ගෙන ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් විසින් මෙම ප්‍රකාශය ලබාගෙන තිබෙන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පැය දෙකකට අධික කාලයක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති අතර එහිදී විශේෂ අවධානයක් යොමුවී ඇත්තේ ඉකුත් 09 වෙනිදා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීම සම්බන්ධයෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img