fbpx
තවත්
    මුල් පිටුවspecialSri Lanka Meltdown: ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර නාළිකාවකින් විවරණයක්

    Sri Lanka Meltdown: ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර නාළිකාවකින් විවරණයක්

    ලංකාවේ ඇතිවී තිබෙන වර්තමාන අර්බුදය පිලිබද විමසා බලන විශේෂ වාර්තාමය වැඩසටහනක්, සිංගප්පූරුවේ ජාත්‍යන්තර නාලීකාවක් වන CNA හරහා විකාශය වීමට නියමිතය.

    මෙම වැඩසටහන මැයි 26 දින සිංගප්පූරුව වේලාවෙන් රාත්‍රි 9.30 ට එනම් ශ්‍රී ලාංකීය වෙලාවෙන් සවස 6ට විකාශනය කෙරේ.

    රටේ පවතින තත්ත්වය සැබෑ ජීවිතයේ අධ්‍යයනයන් හරහා ඉදිරිපත් වීම මෙම වැඩසටහනේ විශේෂත්වයයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ විද්වත් පිරිසකගේ අදහස් ද මෙහි ඇතුළත් වේ.

    ජාත්‍යන්තර වාර්තාමය වැඩ සටහන් සහ මාධ්‍යවේදිනියකු ලෙස කීර්තිමත් නමක් දිනා ඇති තමල් මුකර්ජී මහතා විසින් මෙය නිශ්පාදනය කොට ඇත.

    ඔහුගේ අධීක්ෂණය යටතේ ශ්‍රි ලංකාව තුල පර්‍යෙශනය සහ නිශ්පාදනය කොට ඇත්තෙ, මාධ්‍යවේදි මහේෂ් සේනානායක විසිනි.

    මෙම වැඩසටහන මැයි 26 දින සවස 6.00 යූ ටියුබ්  https://youtube.com/user/channelnewsasia හරහා නැරඹිය හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.