තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටි දෙකක අයිස් සමඟ තුනක් අත්අඩංගුවට

    කෝටි දෙකක අයිස් සමඟ තුනක් අත්අඩංගුවට

    රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමක් ඇති අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 541ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත්ව ඇත.

    මීගමුවේදී ඊයේ පෙරවරුවේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ඡාවාරම හෙළිවී තිබේ. ඒ අනුව මීගමුව බස් නැවතුම් පොල අසදී තවත් සැකකරුවෙක් අයිස් ග්‍රෑම් 157ක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. එහිදී ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත සවස් කාලයේදී මීගමුව රමනි මාවතේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 157ක් සමඟ ද පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32,38 සහ 40 ක් වන මීගමුවේ සහ කොටහේනේ පදිංචිකරුවන් තිදෙනෙකි. මොවුන් සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකරෙන රුපියල් 103,000ක මුදලක්ද තිබී පොලිස් භාරයට ගෙන ඇත.

    සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img