චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය හමුවෙයි. අද (25) පැවති හමුවට ජනාධිපතිවරයා බෙයිජිං නුවර සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්විය.
චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ සිටම ජනතා සුබසාධනය සහ සමස්ත ජාතියේ පුනර්ජීවනය සිය ප්‍රමුඛ මෙහෙවර ලෙස සලකා ක්‍රියා කළ බව, ෂී ජින් පිං මහතා මෙහිදී පැවසීය. අන්‍යොන්‍ය ගරුත්වය මත පදනම් ව, විවිධ පාර්ශ්ව සමඟ මානව හිමිකම් පිළිබඳ සංවාද හා සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ජනාධිපතිවරයා කියාසිටියේය.
මෙම සංචාරය තමා ඉතා වැදගත් කොට සලකන බව මිචෙල් බැචලේ මහත්මිය මෙහිදී පැවසුවාය. දරිද්‍රතාව තුරන් කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනයේදී චීනය ලද ජයග්‍රහණ ඇය ඉහළින් අගය කළාය. එසේම, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණදීම හා ලෝකයේ තිරසර සංවර්ධනයට චීනය ලබාදුන් දායකත්වයන් ද මහකොමසාරිස්වරියගේ පැසසුමට ලක්විය. ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයේ දී චීනය සමඟ එක්ව කටයුතු කිරීමට ද බැචලේ මහත්මිය කැමැත්ත පළකළාය.