තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනක් ඇතුළු හයක් තවදුරටත් රිමාණ්ඩ්

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනක් ඇතුළු හයක් තවදුරටත් රිමාණ්ඩ්

    ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක මහත්වරු ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු කොළඹ කොටුව අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 01 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

    හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත තවත් සැකකරුවන් 06 දෙනෙක් ලබන 27 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේය.

    ඒසේම අද පැවති හදුනා ගැනීමේ පෙරට්ටුවේදී සාක්ෂිකරුවන් විසින් හඳුනා නොගත් සැකකරුවන් තිදෙනෙක් සහ සැකකාරියක් ඇප මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img