fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ බාරගනී

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ බාරගත්තේ ය.

    අනූෂ පැල්පිට මහතා රාජ්‍ය ආයතන ගණනාවක මෙන්ම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කර ඇති අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියෙකි.

    මීට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ආදි ධුර ගණනාවක කටයුතු කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.