තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වාහනවලට තෙල් දෙන සීමාවේ වෙනසක්

    වාහනවලට තෙල් දෙන සීමාවේ වෙනසක්

    පිරවුම්හල්වලින් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් අද (24) සිට වෙනස් කර තිබේ.

    ඒ අනුව අද සිට යතුරු පැදි සඳහා රුපියල් 2500ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 3000ක් ද, මෝටර් රථ සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 10000ක් ලෙසත් සීමා කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    මීට පෙර යතුරුපැදි සඳහා රුපියල් 2000ක සීමාවක් පනවා තිබූ අතර ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නිකුත් කෙරුණේ රුපියල් 2500ක සීමාවකටයි.

    එමෙන්ම කාර් ඇතුළු අනෙකුත් මෝටර් රථ සඳහා මීට පෙර ඉන්ධන නිකුත් කෙරුණේ රුපියල් 8000ක උපරිමයට යටත්වයි.

    අද අලුයම සිට ඉන්ධන මිල වැඩිකිරීමත් සමග මෙලෙස රථවාහන සඳහා නිකුත් කෙරෙන ඉන්ධන සීමාවන් සංශෝධනය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img