තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දකුණු කොරියාවේ රැකියාවලට යවන ගිවිසුම දීර්ඝ කෙරේ

    දකුණු කොරියාවේ රැකියාවලට යවන ගිවිසුම දීර්ඝ කෙරේ

    රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියානු ජනරජයට සේවකයන් යැවීම සහ භාරගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ.

    රැකියා බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියානු ජනරජයට සේවකයන් යැවීම සහ භාරගැනීම පිළිබඳ මීට පෙර අවබෝධතා ගිවිසුමකට දෙරට අතර අත්සන් තබා ඇත.

    එකී ගිවිසුම යටතේ ශ්‍රී ලාංකිකයින් සඳහා දකුණු කොරියාවේ අවුරුදු 04ක් සහ මාස 10ක රැකියා අවස්ථාවන් හිමිවන අතර, සේවකයින්ගේ කාර්යසාධනය මත පදනම්ව එම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට හැකියාව පවතී.

    අදාළ අවබෝධතා ගිවිසුම වර්ෂ දෙකකට වරක් අලුත් කරනු ලැබිය යුතු ය.

    මීට පෙර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමේ නියමයන් හා කොන්දේසි යටතේම තවත් වසර 02ක් හෝ කොරියානු ජනරජය එකඟවන්නා වූ තවත් කාලසීමාවක් සඳහා නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img