තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සූත්‍රයට අනුව තෙල් මිල සංශෝධනය සති 2කට හො මසකට වරක්

    සූත්‍රයට අනුව තෙල් මිල සංශෝධනය සති 2කට හො මසකට වරක්

    සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සූත්‍රය යෙදවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

    ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන ලද මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඉහළ දැමීම සිදුකර ඇති බව හෙතෙම කියා සිටී.

    ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇත.

    මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    ඉන්ධන වියදම් හමුවේ රාජ්‍ය සේවයට අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට ද රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img