fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පති අද සී.අයි.ඩී.යට?

    පොලිස්පති අද සී.අයි.ඩී.යට?

    පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්‍රකාශයක් ලබා ගැනීමට සූදානමින් සිටී.

    ඒ ගාලුමුවදොර අරගලකරුවන්ට ඉකුත් 09 වෙනිදා පහරදුන් පිරිසට නිදහසේ එහි පැමිණිමට ඉඩ ලැබීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කර ඇති ප්‍රකාශයක් මුල්කරගෙනය.

    දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා ඇත්තේ අරලියගහ මන්දිරය දෙස සිට පැමිණි පිරිසට නිදහසේ ගාලු මුවදොර පැත්තට පැමිණිමට අවකාශ උදා වූයේ පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක ලේකම්වරයා විසින් තමන්ට ලබාදුන් නියෝගයක් නිසා බවය. එම පිරිසට ගාලුමුවදොරට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා විසින් තමාට පැහැදිලිවම උපදෙස් දී තිබුණද පොලිස්පති හා මහජන ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග හේතුවෙන් ජනාධිපතිවරයාගේ නියෝග තමාට ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොවූ බවද දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රකාශන්වලින් කියැවෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය.

    පොලිස්පතිවරයාගෙන් අද ප්‍රශ්න කිරීමට සූදානම් වන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාට ජනාධිපතිගේ නියෝගය අභිබවා යන නියෝගයක් ලබාදුන්නේද? , දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කරන ප්‍රකාශ නිවැරදිද?, කල්තියා මෙම ප්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ලැබී තිබුණාද? එසේ ලැබී තිබුණේ නම් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියා මාර්ග මොනවාද? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් නියෝගයන් මොනවාද? ආදී තොරතුරු රැසක් පොලිස්පතිවරයානේ අනාවරණය කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සූදානම බවද එම නිලධාරියා කීය.

    ඉදිරි දින කිහිපය තුළ මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන්ද ඒ සම්බන්දයෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.