fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෛනික ගෑස් බෙදිල්ල ගැන කෝප් කමිටුවෙන් ලීට්‍රෝ වෙත නිර්දේශයක්

    දෛනික ගෑස් බෙදිල්ල ගැන කෝප් කමිටුවෙන් ලීට්‍රෝ වෙත නිර්දේශයක්

    ලීට්‍රෝ සමාගමෙන් දෛනිකව බෙදන ගෑස් සිලින්ඩරවලින් 60%ක් පමණ කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලට බෙදාහැරීමට කටයුතු කරන ලෙස, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද ලීට්‍රෝ ගෑස් ලංකා සමාගමට නිර්දේශ කර තිබේ.

    අධික ජනගනත්වයක් පවතින සහ විකල්ප බල ශක්ති ප්‍රභවයන් සීමා සහිත බැවින් එම දිස්ත්‍රික් සඳහා ගෑස් සැපයීමේදී වැඩිකොටසක් බෙදාහැරීමට මෙලෛස නිර්දේශ කර තිබුණේ කෝප් කමිටුව හමුවට ලීට්‍රෝ ගෑස් සමාගමේ බලධාරීන් අද කැඳවා තිබූ අවස්ථාවේදී ය.

    රට තුළ ඇති ගෑස් හිඟ අර්බුදය හමුවේ තොග ලද පසුව ගෑස් බෙදාහැරීම සඳහා සුදුසු ක්‍රමවේදය සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම නිර්දේශය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.