තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුවේ දවල් කෑම අත්හිටුවන්න - පොහොට්ටුව ඉල්ලයි

    පාර්ලිමේන්තුවේ දවල් කෑම අත්හිටුවන්න – පොහොට්ටුව ඉල්ලයි

    රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික  දුෂ්කරතා සැලකිල්ලට ගෙන සියලුම  මන්ත්‍රීවරුන්ට හා 900 දෙනෙකුට ආසන්න සේවක පිරිසට පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල අත්හිටුවන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (19) ලිපියක් බාරදී තිබේ.

    රටේ ජනතාව අද එක වේලක් හෝ ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින මොහොතක මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට දිවා ආහාර වේල සැපයීම සඳහා විශාල වියදමක් දැරීම අසාධාරණ බවද   මන්ත්‍රීවරු පිරිස   ඒ ලිපියෙන්  පෙන්වා දෙති.

    පාර්ලිමේන්තු රැස්වීම් දවස පුරා පැවැත්වෙන අවස්ථාවලදී පමණක්  වෙළෙඳපොළේ පවතින මිල ගණන් යටතේ  බත් පාර්සලයක් ලබාදීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් පිරිස කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

    ආර්ථික අර්බුදය පවතින තාක් පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සැපයීම  අත්හිටුවන ලෙස මන්ත්‍රී පිරිස
    එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img