තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපත් - විවාහ - මරණ සහතික පිටපත් නිකුතුව තාවකාලිකව නවතී

    උපත් – විවාහ – මරණ සහතික පිටපත් නිකුතුව තාවකාලිකව නවතී

    දිවයින පුරාම උප්පැන්න, විවාහ සහ⁣ මරණ සහතික පිටපත් නිකුත් කිරීම තාවකාලිකව නතර කළ බව නිවෙිදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    LNG දත්ත පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙලෙස උප්පැන්න, විවාහ සහ⁣ මරණ සහතික පිටපත් නිකුත් කිරීම අක්‍රිය වූ බව එම නිවේදනයේ සඳහන් වේ.

    මේවනවිට අදාළ දත්ත පද්ධතිය පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්,එය යථාතත්වයට පත්වූ වහාම ජනතාවට දැනුම් දෙන බවත් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img