තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ඉල්ලයි

    ෆින්ලන්තය සහ ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ඉල්ලයි

    ෆින්ලන්තය සහ ස්වීඩනය නිල වශයෙන් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට අද දින අයැදුම් පත් ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුවඅදාල රජ්‍යන් දෙක විසින් සිය නිල ඇයැදුම්පත් හා ඊට අදාල විධිමත් ලියකියිවිලි නෝටෝ හී මහ ලේකම් ස්ටෝල්ටන්බර්ග් වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.

    ෆින්ලන්තය සහ ස්වීඩනය ඉදිරිපත් කළ අයැදුම්පත් භාරගනිමින් ස්ටෝල්ටන්බර්ග් එය “ඓතිහාසික” අවස්ථාවක් ලෙසද හැඳින්වූ අතර, “නේටෝවට බැඳීමට ෆින්ලන්තය සහ ස්වීඩනය කරන ඉල්ලීම් තමන් සාදරයෙන් පිළිගන්නා බවද සඳහන් කරනු ලැබ තිබේ.

    ‟ඔබ අපගේ සමීපතම හවුල්කරුවන් වන අතර නේටෝ හි ඔබගේ සාමාජිකත්වය අප සියලුදෙනාගේ ආරක්ෂාව වැඩි කරනු ඇත.” යනුවෙන්ද ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කරනු ලැබීය.

    සාමාන්‍යයෙන් නේටෝ සංවිධානයෙන් සාමාජිකත්වයට අයැදුම් කරන ලද රටවලට එහි සාමාජිකත්වය ලබා ගැනීමට වසරක පමණ කාලයක් ගතවේ. එහෙත් නමුත් යුරෝපයේ වත්මන් අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තත්ත්වය කඩිනම් වීමේ හැකියාවක් පවතින බවද බටහිර විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.

    ෆින්ලන්තය, සහ ස්වීඩනය සිතල යුද්ධය පැවති සමයේදීද ගැටුම් වලින් ඈත්ව සිටීමට සමත්වූ අතරම යුරෝපයේ සෙසු රටවල් සමඟ ඉතා සමීපව කටයුතු කිරීමටද සමත්ව ඇත.

    කෙසේ වෙතත් ෆින්ලන්තය රුසියාව කිලෝමීටර් 1300ක දේශසීමාවක් බෙදාගන්නා අතර ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබාගැනීමට හැකි වුවහොත් එය රුසියාවේ දොරකඩටම නේටෝ සංවිධානය ලඟාවීමක් වනු ඇත.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img