fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බියර් බෝතල් හිඟයක්

    බියර් බෝතල් හිඟයක්

    එළැඹෙන මාස කිහිපයේදී ජර්මිනය තුල බියර් බොතල්වලට දැඩි හිඟයක් ඇති විය හැකි බව එරට බියර් නිෂ්පාදකයින් විසින් අනතුරු අඟවා තිබේ.

    ඒ අනුව ඉදිරියේදී මෙම තත්ත්වය ජර්මනියේ බියර් නිෂ්පාදයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවත් එය දරුණු මට්ටමකට පත්විය හැකි බවද නිෂ්පාදකයින් ජර්මනියේ බිල්ඩ් පවුත්පවසා ඇත.

    මේවන විට බියර් බෝතල් නිෂ්පාදනය සඳහා වැය වන පිරිවැය අධික ලෙස ඉහළයාමත් එම නිෂ්පාදන ප්‍රවාහනය කරගැනීමට අවශ්‍ය කරනු ලබන රියැදුරන්ගේ හිඟයද මෙම තත්ත්වයට හේතුවී ඇති බවට බියර් නිෂ්පාදකයින් පෙනාවා දෙයි.

    ඒ අනුව වීදුරු බෝතල් හිඟය ප්‍රධාන වශයෙන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බීර කර්මාන්තශාලාවලට බලපානු ඇති බව කර්මාන්ත විශේෂඥයෙක් පැවසීය.

    එමෙන්ම බීයර් නිෂ්පාදකයින් පෙන්වා දෙන ආකාරයට වීදුරු බෝතල් සඳහා වසරකට පෙර වසර වල වැයක කළ පිරිවැයට වඩා සියයට අසූවක පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඒ අනුව ඊට සාපෙක්ෂව බියර් මිලද ඉහළ දැමීමට සිදුවනු ඇති බවද නිෂ්පාදකයින් පෙන්ව දී ඇත.

    මේ අතර වීදුරු බෝතල් නිෂ්පාදනයේ මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ බලශක්ති මිල ඉහළයාම මලෙස නිෂ්පාදන පිරිවැය ඉහළයාමට හේතුවී ඇති බව වීදුරු කර්මාන්තයේ නිරත පිරිස් බිල්ඩ් පුවත්පවට පවසා තිබේ.

    එමෙන්ම ජර්මානු බීර නිෂ්පාදකයින්ගේ සම්මේලනයේ Holger Eichele පැවසුවේ ලොරි රථ රියදුරන්ගේ හිඟය සැපයුම් දාම නඩත්තු කිරීමට අපහසු වී ඇති බවද ප්‍රකාශ කර ඇත.
    ඒ අනුව එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ නව වීදුරු බෝතල්වල මිල දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු පවසා තිබේ.

    මෙම තත්ත්වය පිලිතුර වශයෙන් Eichele යෝජනා කර ඇත්තේ වීදුරු බෝතල් හැකි ඉක්මනින් සිල්ලර වෙළෙන්දන් වෙත ආපසු ලබා දීම බවත්, “පහළම මාලය තුළ හිස් ගබඩා නොකරන ලෙස” පාරිභෝගිකයින්ට උපදෙස් දෙන බවද ඔහු පෙන්වා දී ඇත.

    ජර්මනියේ බහුලව වීදුරු බියර් බෝතල් භාවිතා කරන අතර එහිදී සුළු තැන්පතුවත් සමඟ විකිණීමට සිදුකරනු ලබයි එමගින් නැවත පැමිණෙන විට හිස් බොත්ලය රැගෙන ඒම අපෙක්ෂා කළද බහුතරයක් දෙනා හිස් බෝතල් නැවත ගෙන ඒමේ ප්‍රතිශතය අවම බවද වාර්තාවේ.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.