තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විජයග්‍රහණය දා ඊළම ඉල්ලා බ්‍රිතාන්‍යයේ විරෝධතා

    විජයග්‍රහණය දා ඊළම ඉල්ලා බ්‍රිතාන්‍යයේ විරෝධතා

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර වසර 13ක් සපිරෙන අද දින බ්‍රිතාන්‍යයේ වෙසෙන දෙමළ ප්‍රජාව එරට පාර්ලිමේන්තුව ඉදිරි පිට ඊළාම් රාජ්‍යක් ඉල්ලමින් විරෝධතාවයක නිතරව තිබේ.

    එහිදී එම පිරිස මුල්ලිවයිකාල් හිදී මියගිය දමිළ ජනයා වෙනුවෙවන් සාධාරණයක් ඉටුවිය යුතු බව ප්‍රකාශ කර ඇත. එහිද ඔවුන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ධජයට සමාන ධජ අතැතිව මෙම විරෝධතාවල නිරත වන අයුරුද දැක ගැනීමට හැකිවිය.

    ‟අපිට ඕනෙ දමිල ඊලමක්, අපිට ඕනේ සාධාරණයක්, අපිට ඕනේ නිදහස ” යනුවෙන් එහිදී මෙම පිරිස විරෝධය පළකර තිබේ.

    2009 වර්ෂයේ මැයි 18 වැනිදා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මෙරට ආරක්ෂක හමුදා එල්ල කළ ප්‍රහාරයකට මැදිවී ඝාතනයට ලක්වීමත් සමඟ දශක තුනක කාලයක් මෙරට පැවති ත්‍රස්තාවදය අවසන් කිරීමට ආරක්ෂක අංශවලට හැකිවිය.

    මෙම මෙහෙයුම් අතරතුරදී නිරායුද දමිල වැසියන් ඝාතනය වූ බවත් දෙමළ ඩයස්පෝරාව දිගින් දිගමට චෝදනා කරයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් විසින් තමන් මානුෂීය මෙහෙයුම අවසානයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය මිනිස් පලිහක් ලෙස තබාගෙන සිටි සිවිල් වැසියන් ආරක්ෂිතව මුදා ගැනීම සිදුකළ බවට සාක්ෂි සහිතව අවස්ථා රැසකදී ජාත්‍යන්තරය හමුවේද තහවුරු කර තිබේ.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img