ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වන පොලිස් කොස්තාපල්වරයා ඝාතනයට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.
නිට්ටඹුව නම්ඹදළුවේ සහ ජුනයිඩ් මාවතේද මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.
පොල්ගහවෙල සහ නම්ඹදළුවේ පදිංචිකරුවන් වන එම සැකකරුවන් අවුරුදු විසි දෙකක් වයසැැතිය.
ඒ එක් සැකකරුවෙක් මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම සැකකරු නිට්ටඹුවෙ පරණ යකඩ එකතු කරන ස්ථානයක සේවයේ නිරතව සිටින අයෙකි.
මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් 09 වෙනිදා මන්ත්‍රීවරයා සහ ආරක්ෂක නිලධාරියා ඝාතනය කරන අවස්ථාවේ හැඳ සිටි ඇඳුම් සහ එම ඝාතනයට යොදා ගත් බවට සැකකෙරෙන පිහියක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත.