අද හෙට සහ අනිද්දා තෙදින ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල නොඉන්නැයි විෂයභාර අමාත්‍යවරයා දන්වා තිබියදීත් දිවයින පුරා පිරවුම්හල්වල දිගු පෝලීම් අදත් දක්නට ලැබුණි.
ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ සංගමය පවසා ඇත්තේ ඩීසල් තොග ප්‍රමානවත් ලෙස ලැබුණද පෙට්‍රල් නිකුත් කිරීමේ ගැටඑවක් පවතින බවයි.
සෑම ඉන්ධන හලක් සඳහාම ඩීසල් තොග දැනටමත් ලබාදී තිබේ.
මේ අතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල වාර්තා වුයේ අමෙරිකානු ඩොලර් 114 යි ශත 30 ක් ලෙසයි.