තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව අද රැස්වේ - ප්‍රථම කාර්ය නි. කථානායකවරයෙක් පත්කර ගැනීමයි

    පාර්ලිමේන්තුව අද රැස්වේ – ප්‍රථම කාර්ය නි. කථානායකවරයෙක් පත්කර ගැනීමයි

    පාර්ලිමේන්තුව අද රැස්වීමෙන් අනතුරුව එහි ප්‍රථම කාර්ය බවට පත්ව ඇත්තේ නියෝජ්‍ය කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයෙක් පත්කර ගැනීමටය.

    මේ වන විට නියෝජ්‍ය කථානායක ධූරයට මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇත. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා සහ සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියයි.

    බොහෝ දුරට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව යම් එකඟතාවයකින් ඡන්දයකින් තොරව එක් නාමයක් පමණක් යෝජනාකරමින් නියෝජ්‍ය කථානායක ධූරය නිතරගයෙන් තෝරාපත්කර ගනු ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img