fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලයට පහරදුන්නැයි චෝදනා ලැබූ පිරිස අත්අඩංගුවට ගන්නා හැටි නීතිපති පොලීසියට කියයි

    අරගලයට පහරදුන්නැයි චෝදනා ලැබූ පිරිස අත්අඩංගුවට ගන්නා හැටි නීතිපති පොලීසියට කියයි

    අරලියගහ මන්දිරය ඉදිරිපිටත් ගාලු මුවදොර පිටියේත් සාමකාමී අරගලයේ නිරතව සිටි පිරිස් වෙත පහරදීමට අදාලව අධිකරණය මඟින් ගුවන් ගමන් තහනම් කළ අය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අද උපදෙස් දී තිබේ.

    එම උපදෙස් ලබාදී ඇත්තේ හිටපු මැති ඇමතිවරු කිහිප දෙනෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙක් සම්බන්ධයෙනි.

    නීතිපතිවරයා පෙන්වා දී ඇතැයි සඳහන් වන්නේ පර්යේෂණාත්මක සාක්ෂි මෙන්ම විද්‍යාත්මක සාක්ෂිද රැස්කර අනතුරුව ඒ සම්බන්ධයෙන් අදාල චූදිතයන්ගෙන්ද ප්‍රකාශ සටහන්කර අනතුරුව ඔවුන් එම අපරාධයට සම්බන්ධ බවට පැහැදිලිවම පෙනී යන්නේ නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ඩෑන් පියසාත්, මහින්ද කහඳගම, නාලක විජේසිංහ, බන්දුල ජයමාන්න, දිනෙත් ගීතික, සමන් ලාල් ප්‍රනාන්දු, වසන්ත, සුභාෂ්, අමල් සිල්වා, සමීර චතුරංග, රමණි, තුෂිත රණබාහු, සජිත් සාරංග, පුෂ්පලාල් කුමාරසිංහ, නිශාන්ත මෙන්ඩිස්, පුෂ්ප කුමාර, සචිනි ප්‍රනාන්දු යන මෙම සැකකරුවන් ඔවුන්ගේ දන්නා ලිපිනයන්හී සොයා ගැනීමට නොමැතිනම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළ යුතු බව මෙන්ම අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයෙක් මඟින් විවෘත වරෙන්තුවක් ලබාගත යුතු බවත් එම උපදෙස් වල වැඩිදුරටත් සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. අගමැති තුමා හුනුවටයේ කථාවටත් වඩා දැඩි කර්ත්ව්යක යෙදෙනබවනම් පැහැදිලිය,අප හැම විසින් ඵලදායී ලෙස කටයුතුකලයුතුය සියලු බැන්දුම්වලින් තොරව තම තමා විසින් ඊට අදාල සහයෝගය මේ මොහොතේ ලබාදෙන්නේනම් ඉතාවටී, මන්ද රට පත්ව ඇත්තේ ඉතාම අගාධයකට,මින් උඩට ඒමට සෑමපුරවැසියෙක්ම තමතමන්ට හැකි අයුරින් උදව්වියයුතුමය, අප සතු යෝජනා රැසක්ඇත,ඒවා සනිටුහන් කිරීමට මේකාලයයි,සිතමි,

    ඔබේ අදහස් දක්වන්න.