තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරියේ දී එළවළු මිල ඉහළ යන ලකුණු

    ඉදිරියේ දී එළවළු මිල ඉහළ යන ලකුණු

    තවත් සතියක් පමණ ගතවන විට දැනට පවතින එළවළු මිල සියයට 35 කින් 40 කින් පමණ ඉහළ යනු ඇතැයි මැනිං වෙළඳ සංගමය පවසයි.

    එහි සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි සඳහන් කළේ මේ වන විට වෙළඳපල තුළ එළවළුවල දැඩි හිඟයක් දක්නට ඇති බවයි.

    පවතින අයහපත් කාළගුණික තත්ත්වය මෙන්ම රටෙහි පවතින ඉන්ධන අර්බුදය ප්‍රමාණවත් තරම් එළවළු ආර්ථික මධ්‍යස්ථානය වලට නොලැබෙන බවද ඔහු සඳහන් කරයි.

    එමෙන්ම පොහොර සහ උසස් තත්ත්වයේ බීජ නොමැතිවීම ඇතුළු කරුණු හේතුවෙන් මෙවර එළවළු ඵළදාව බොහෝ සෙයින් අඩුවී තිබෙන බවද මැනිං වෙළඳ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img