පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ ලෝලුවාගොඩ පිහිටි නිවසට හා ඇගේ සහෝදරයෙකු ගේ නිවසට ගිනි තබා අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් විහාරාධිකාරී හිමිනමක් නාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිරිඋල්ලගම ශෛලාරාම විහාරාධිකාරී අතුබොදේ ධම්ම කිත්ති හිමියන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
උන් වහන්සේව අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ජයසේකර රණසිංහ ප්‍රේමදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කර ඇත.
ලෝලුවාගොඩ පිහිටි කෝකිලා ගුණවර්ධණ මහත්මියගේ නිවසට සහ සහෝදරයෙකුට අයත් නිවසට ගිනි තබා හානි කරනුයේ ඉකුත් 09 වෙනිදාය.
ඒ් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේ නාල්ල පොලිස් ස්ථානාධිපතිනි කාංචනා සමරකෝන් මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමකි.