එල්.ටී.ටී.ඊ සංවිධානය මෙරටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පළවූ වාර්තා සහ ඊට අදාල තොරතුරු පිළිබඳ නිසි විමර්ශණයක් කර සියලු ඉදිරි ක්‍රියාමර්ග ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මෙරටට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පළවු පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විශේෂ නිවේදනයක් අද පෙරවරුවේ නිකුත්කරමින් මේබව සඳහන් කළේය.
ඒ අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධ අංශ කරුණු විමසූ බවත් එම තොරතුරු සාමන්‍ය තොරතුරක් බවට ඔවුන් දැණුම්දී ඇති බවද ආරක්ෂක අමාත්‍යංශය අනාවරණය කළේය..
ඉන්දියාවේ ද හින්දු පුවත්පත විසින් ඊයේ (13 ) දිනයේ මෙරටට එළැඹෙන 18 වැනිදා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට එල්.ටී.ටී.ඊ සංවිධානය සැලසුම් කර ඇති බවට අනාවරණය කළේය. එම පුවත්පත ඉන්දීය බුද්ධ අංශ වාර්තාවක් පදනම් කරගෙන මෙම අනාවරණය කළ බවද සඳහන් කර තිබිණි.
ඒ අනුව හිටපු එල්.ටී.ඊ සාමාජිකයින් විසින් මෙම ප්‍රහරය සැලසුම් කිරීම පිටුපස සිටින බවද එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබිණි.