ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් 74 දෙනෙකුගේ දේපොල වලට ඉකුත් මැයි 09 වෙනිදා සිට 14 වෙනිදා දක්වා දින දින කිහිපය තුළ හානි කර තිබේ.
නිවාස ගිනි තැබීම්, කාර්යාල ගිනි තැබීම්, වාහන ගිනි තැබීම්, දේපොල වලට පහරදීම් ඇතුළු අපරාධ රැසකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ගොඳුරු වී ඇත.
එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ සිදුවූ හානියට තමන්ට වන්දි ගෙවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
මේ නිසා ඇතැම් හිටපු මැති ඇමතිවරුන්ට ඉන්න හිටින්න තැන් පවා අහිමි වී තිබෙන බැවින් ඔවුන් 55 දෙනෙකුට තලවතුගොඩ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ඔවුන්ගේ පදිංචියට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමතිවරු 74 දෙනාගේ දේපොල වලට සිදුවූ හානි සම්බන්ධයෙන් වූ වාර්තාව පහත දැක්වේ.
MPS