දිවයිනේ බොහෝ ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් නගර කිහිපයක මාර්ගවල වාහන ගමනාමනයට බාධා එල්ල වී ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි.
ඒ අනුව ගංවතුර තත්වයන් හේතුවෙන් රත්නපුර – පානදුර, රත්නපුර – ඇලපාත, කිරිඇල්ල – ඉඩම්ගොඩ, කලවාන – මතුගම, කළුතර – අගලවත්ත සහ බුලත්සිංහල – පරගොඩ මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත.