fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්අලුත් අගමැතිට දෙන සහය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

    අලුත් අගමැතිට දෙන සහය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

    රට තුළ පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා පක්ෂයේ ස්වාධිනත්වයත් ආරක්ෂාකර ගනිමින් නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිවන නව රජයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය ලබාදෙන බව එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයාගේ තීරණය අනුව කැබිනට් අමාත්‍ය ධුර භාර ගැනීම තීරණය වන බවද සාගර කාරියවසම් මහතා පවසයි.

    රටේ දැනට පවතින විශාල ආර්ථික අර්බූදයට පිළියම් සෙවීම සඳහා දේශපාලන කරුණුවට වඩා මුල් තැන දිය යුතුව ඇති බවය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.