තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මීගමුවේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ - 4කට තුවාල - වාහන 15කට හානි

    මීගමුවේ නොසන්සුන් තත්ත්වය පාලනය කෙරේ – 4කට තුවාල – වාහන 15කට හානි

    මීගමුව ඇවැන්ඩ්‍රා ගාඩ්න් හෝටලය පිහිටි දේශයේ මේ වන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබේ.

    ඊට මුල්වී ඇත්තේ ගිනි තබා හානි කළ ඇවැන්ඩ්‍රා ගාඩ්න් හෝටලයේ ඇති දේපොල කොල්ලකෑමක් සම්බන්ධයෙන් උද්ගත වූ තත්ත්වයති.

    මේ වන විට එම සිදුවීම පාර්ශව දෙකක් අතර ගැටුමක් බවට දුරදිග යමින් ඇති බවත් ආගමික නායකයින් පවා තත්ත්වය සමතයකට පත්කිරීමට මැදිහත්ව ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.

    අද 10 සවස එම ප්‍රදේශයට කඩා වැදුනු කණ්ඩායමක් කඩු පොලුවලින් ප්‍රදේශවාසීන්ට පහරදී වාහන රැසකට හානි කර ඇතැයි පොලීසිය කියයි.

    එම පහරදීම්වලින් තුවාල ලබා ඇති සිව් දෙනෙක් මේ වන විට මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් තොරතුරු සඳහන් කළේය.

    වෑන් රථයක්, ත්‍රීරෝද රථ දෙකක් , යතුරු පැදි අටක් හා පාපැදී හතරක් මෙහිදී ගිනි තබා විනාශ කර ඇතැයි ද කටාන පොලිසිය සඳහන් කරයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කරනු ලැබුවේ තත්ත්වය මේ වන විට සමතයකට පත්කරමින් සාමය ආරක්ෂා කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img