තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටපුරා වූ සිදුවීම්වලින් මරණ 7 ක්- 200කට තුවාල -ගිනිතැබීම් 150ක්

    රටපුරා වූ සිදුවීම්වලින් මරණ 7 ක්- 200කට තුවාල -ගිනිතැබීම් 150ක්

    රටපුරා ඊයේ දින වූ සිදුවීම් වලින් පුද්ගල මරණ 07ක්, තුවාල වීම් 200 කට අධික ප්‍රමාණයක් , ගිනි තැබීම් සහ පහරදීම් 150 ට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ.

    නිට්ටඹුවේදී පුද්ගල මරණ 03ක්, වීරකැටියේදී පුද්ගල මරණ 02 ක් සහ කටානේ පුද්ගල මරණ 01ක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

    නිට්ටඹුවෙ සහ වීරකැටියේ සිදුව ඇති මරණ 06 ම සිදුව ඇත්තේ වෙඩි තැබීම් වලින් බව පොලීසිය කියයි.

    කටානේ මරණය සිදුව ඇත්තේ එහි ඇති ප්‍රසිද්ධ හෝටලයකට එල්ලකළ ප්‍රහාරයෙනි.

    පහරදීම් වලින් තුවාල ලැබූ 200 කට වැඩි පිරිසක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලීසිය කියයි.

    ගිනි තැබීම්වලට ලක්ව ඇති නිවාස හා දේපොල වලින් වැඩි ප්‍රමාණයක් දේශපාලනඥයන්ට අයත්ඒවා වන අතර මැති ඇමතිවරුන්ට අයත් දේපොල ඒ අතර විශාල ප්‍රමාණයක් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img