තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට පහරදෙන්න පාර කැපූ අය ගැන CID විමර්ශනයක්

    ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට පහරදෙන්න පාර කැපූ අය ගැන CID විමර්ශනයක්

    ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ නිරතව සිටි පිරිසට පහරදීම හා එම පිරිසට පහරදුන් කණ්ඩායමට ගාලුමුවදොර පිටිය වෙත පහසුවෙන්ම පැමිණීමට ඉඩකඩ සළසාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිරන්තර උපදෙස් ලබාගනිමින් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    ගාලුමුවදොර හෝටලය අසලින් ගාලුපාර වසා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට සහභාගිවූ පිරිස් වෙත ගාලුමුවදොර දෙසට පැමිණිම අවහිර නොකර ඔවුන්ට නිදහසේ පැමිණිමට සහ පහරදීමට ඉඩකඩ සළසා දුන් පොලිස් ලොක්කෙක් සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමුකර ඇත.

    තමාගේ අවසරයකින් තොරව ජල ප්‍රහාර, කදුළු ගෑස් ප්‍රහාර හෝ බැටන් ප්‍රහාර එල්ල නොකරන ලෙස ද එම පොලිස් ලොක්කා ගාලු මුවදොර ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    අරලියගහ මන්දිරය ආසන්නයේ උද්ඝෝෂණය කළ පිරිසට මෙම කණ්ඩායම පහරදෙන අවස්ථාවේදී ගාලුමුවදොර ආරක්ෂාව භාරව සිටි පොලිසියේ උසස් නිලධාරීන් අදාල පොලිස් ලොක්කා අමතමින් උපදෙස් ඉල්ලා ඇතත් ඔහු නිසි උපදෙස් ලබා නොදී මඟ හැර ඇති බවත් පොලීසියේම නිලධාරීන් සඳහන් කරති.

    අරලියගහ මන්දිරය දෙසින් පැමිණි පිරිස විසුරුවා හැරීමට අදාල පොලිස් ලොක්කාගෙන් උපදෙස් ලැබී ඇත්තේ ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට පහරදී ගෝටා ගෝ ගම කඩා බිඳ දමා විනාශ කිරීමෙන් අනතුරුව බවද පොලීසියේ නිලධාරීන් කියති.

    Media on 2022.05.10 at 1150
    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img