fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

    ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

    මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරි නීතිය 2022-05-11 වන බදාදා උදෑසන 7.00 දක්වා දීර්ඝ කෙරේ.

    මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව එය මීට පෙර පනවා තිබුණේ ඊයේ (09) රාත්‍රී 7.00 සිට අද (10) උදෑසන 7.00 දක්වා පමණි.

    ඒ අනුව බලධාරියෙකු නිකුත් කළ අවසර පත්‍රයක් අනුව මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුට අවසර නැත.

    මේ අතර ඇඳිරි නීති කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවල නිරත අයට සිය රාජකාරි හැඳුනුම්පත අවසරපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ය.

    2279-11_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.