fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාරිභෝගිකයා රකින්න ඉදිරිපත් වූ රාජ්‍ය ඇමති ඉල්ලා අස්වීම දීලා

    පාරිභෝගිකයා රකින්න ඉදිරිපත් වූ රාජ්‍ය ඇමති ඉල්ලා අස්වීම දීලා

    සමූපාකාර සේවා සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් තමා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් බව කථිකාචාර්ය ගුණපාල රත්නසේකර මහතා සදහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි විද්වතෙක් වන ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකල බව සඳහන් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයේදීය.

    මේ අවස්ථාවේදී අමාත්‍යාංශවල වැඩ කිරීමට හැකි වාතාවරණයක් නොමැති බැවින් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ සවස ජනාධිපතිවරයා වෙත භාරදුන් බව රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. ජනාධිපතිවරයා එම අවස්ථාවේදී එම ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවත් තමා ඉල්ලීමක්තර ලිපිය ලබාදී පැමිණි බවත් ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේය.

    මෙම අමාත්‍යධූරයේ කටයුතු කිරීමට තරම් සාමජීය හා දේශපාලන ස්ථාවරභාවයක් රටේ නොමැති බවත් අමාත්‍යාංශයක වැඩ කටයුතු කරගෙන යාමට තරම් මානසිකත්වයක් තිබිය යුතු බවත් ඔහු පෙන්වා දෙනු ලැබීය. ඔහු එහිදී අවධාරණය කරනු ලැබුවේ සියල්ලටම කලින් ස්ථාවරභාවය සකස් කරන ලෙසය.

    ගුණපාල රත්නසේකර මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මුල්වී කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ 10 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන සාමාජිකයෙක්ද වේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.