තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හර්තාලයට එක්වන අයගේ වැටුප කපන කතාව අමූලික බොරු

    හර්තාලයට එක්වන අයගේ වැටුප කපන කතාව අමූලික බොරු

    හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යය එකක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

    2022-05-03 දිනැති ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මෙම අසත්‍ය දැන්වීම ප්‍රචාරය වෙමින් ඇත.

    ජනාධිපති කාර්යාලය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී.

    මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාල අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img