තවත්
    මුල් පිටුවspecialගුවනේ රටා මවමින් ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයට එක්වූ අලුත්ම වාර්තාව

    ගුවනේ රටා මවමින් ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයට එක්වූ අලුත්ම වාර්තාව

    ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට යුධ හමුදාවේ පැරෂුට් භටයින් සමත් වී තිබේ.

    ඒ ප්‍රථම වරට වැඩිම වියන් සංඛ්‍යාවක් යොදාගෙන එනම් වියන් 11ක් යොදාගෙන ගුවනේ රටා මවමිනි.

    ඊයේ( 05) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා උහන අම්පාර කඳවුරේදී යුධ හමුදා භටයන් විසින් මෙම සන්ධිස්ථානය සනිටුහන් කර ඇත.

    ශ්‍රී ලංකා යුධ හමුදාවේ බ්‍රිගේඩියර් හෙට්ටිආරච්චි, කර්නල් වික්‍රමසේකර, මේජර් අදිකාරි, මේජර් කුලතුංග, මේජර් සඳරුවන්, ඩබ්ලිව්ඕ II සේනාරත්න, සැරයන් කැළුම්, සීපීඑල් බණ්ඩාර සීආර්, එස්/සාජන්ට් සමන් කුමාර එස්එෆ්, එස්/සාජන්ට් ගුණවර්ධන එස්එෆ්, සැරයන් බණ්ඩා එස්එෆ් මෙම විශිෂ්ට ජයග්‍රහණයේ සාමාජිකයින් ය.

    ගුවනේ සිදුකළ මෙම අසීරු මෙහෙයුම ගුවනේ සිට කැමරාවට හසුකරගෙන ඇත්තේ මේජර්‌ ජයවර්ධන විසිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img