fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ස්ටාලින්ගේ ඉල්ලීමට ඉන්දියාවේ DMK මන්ත්‍රීවරු වැටුපක් ශ්‍රී ලංකාවට දෙති

    ස්ටාලින්ගේ ඉල්ලීමට ඉන්දියාවේ DMK මන්ත්‍රීවරු වැටුපක් ශ්‍රී ලංකාවට දෙති

    මෙරට ජනතාවට ආධාර කිරීම සඳහා මූල්‍ය ආධාරයක් ලෙස පරිත්‍යාග කිරීමට ඉන්දියාවේ ලෝක් සභාවේ සහ රාජ්‍ය සභාවේ සිටින ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඩීඑම්කේ) මන්ත්‍රීවරු තම මසක වැටුප තමිල්නාඩු මහ ඇමතිවරයාගේ මහජන සහන අරමුදලට බැර කිරීමට තීරණය කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ උග්‍ර ආර්ථික අර්බුදය මධ්‍යයේ, සහනයක් සැලසීම වෙනුවෙන් තමිල්නාඩු මහ ඇමති එම්කේ ස්ටාලින් ශ්‍රී ලංකාව සඳහා රාජ්‍ය අරමුදලට තම පක්ෂයෙන් ඉන්දියානු රුපියල් කෝටියක පරිත්‍යාගයක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

    එම පක්ෂය ඊයේ (05) නිවේදනය කර තිබුණේ පක්ෂ සභාපති, තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්ගේ ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බවයි.

    ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මෙරට ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ යැවීමට අවසර ලබාදෙන ලෙස ද තමිල්නාඩු මහ ඇමතිවරයා පසුගියදා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලා තිබුණි.

    තමිල්නාඩු රජය පළමු අදියරේ දී සහල් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් සහ ජීවිතාරක්ෂක ඖෂධ යවන බව ඔහු ශ්‍රී ලංකාව සඳහා සිය අභියාචනයේ සඳහන් කර ඇත.

    “මෙය පීඩාවට පත් ජනතාවට කළ හැකි ඕනෑම උපකාරයක් සිදු කිරීමට කාලයයි” යනුවෙන් ස්ටාලින් පැවසූ අතර මෙරට ජනතාවට උපකාර කිරීම සඳහා පරිත්‍යාග කරන ලෙස සෙසු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

    ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය හිමිවිය.

    ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් දැනුම්දී තිබුණේ එම ආධාර ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාරවල කොටසක් ලෙස යොමු කළ හැකි බවය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.