තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම්" - විපක්ෂ නායක

    “පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම්” – විපක්ෂ නායක

    නියෝජ්‍ය කථානායක ධුරය තෝරාගැනීමට පැවැති ඡන්ද ප්‍රතිඵලය අනුව පාර්ලිමේන්තුවේ දේශපාලන ගේම් එක පැහැදිලි යැයි විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    සමගි ජන බලවේගය නියෝජනය කළ ඉමිතියාස් බාකිර් මාකාර් මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පැවැති ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා අද (05) මේ බව සඳහන් කළේය.

    විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.

    “විවිධ අය රටම අන්ධවන විපක්ෂ බව අද මුළු රටටම හෙළිවුණා. පොහොට්ටුවේ සහයෝගය සියඹලාපිටියට ලබා දෙනවයි කියන එකත් එක්කයි අපි වෙනස්වුණේ. ආණ්ඩුවේ හෙංචයියෙක් වුණා. මේ වෙලාවේ ජනතාවට පැහැදිලියි, අරගලයට පැහැදිලියි. මේ වෙලාවේ මේ පාර්ලිමේන්තුවේ සිදුවන්නේ දේශපාලන ගේම්. අපි පැහැදිලිව ජනාධිපතිට විරුද්ධයි. ආණ්ඩුවට විරුද්ධයි” යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img