fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට

    සියඹලාපිටිය නැවතත් නියෝජ්‍ය කථානායක ධූරයට

    නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නැවතත් රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා තේරීපත් විය.

    ඒ සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඉමිතියාස් බාකීර් මාකාර් මහතාට වඩා ඡන්ද 83ක් ලබා ගනිමිනි.

    ඉමිතියාස් බාකීර් මාකාර් මහතා ඡන්ද 65ක් ලබාගත් අතර රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද 148ක් ලබාත්තේය.

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනු ලැබුවේ ඡන්ද 03ක් නරක් වී ඇති බවය.

    ඒ අනුව අද නියෝජ්‍ය කථානායකවරයා තේරීම සඳහා ඡන්ද 216ක් භාවිතාකර තිබේ.

    රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායකධූරයෙන් ඉවත්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත්කර තිබුණු අතර එම ලිපිය පිළිගත් බව ජනාධිපතිවරයා දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    ඒ අනුව නව කථානායකවරයෙක් අද තෝරාපත්කර ගැනීමට ඊයේ තීරණය කළේය. ඒ අනුව අද පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම ආණ්ඩුවෙන් ස්වාධින වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළේය. සුසිල් ප්‍රේමජයන්ත මහතා එම යෝජනාව ස්ථිර කළේය.

    රංජිත් සියඹලාපිටිය මහතාගේ අපේක්ෂකත්වයට ආණ්ඩු පක්ෂයේ සම්පූර්ණ සහාය තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ජී.එල් පීරිස් මහතා එම අවස්ථාවේදී පැවසීය.

    සමගි ජන බලවේගය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ නම රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළේය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.