තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නියෝජ්‍ය කථානායකධූරයට නම් දෙකක් - මැතිසබේ මේ වන විට ඡන්දයක්

    නියෝජ්‍ය කථානායකධූරයට නම් දෙකක් – මැතිසබේ මේ වන විට ඡන්දයක්

    නියෝජ්‍ය කථානායකධූරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධින වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රංජිත් සියඹලාපිටිය මහතාගේ නමත් සමගි ජන බලවේගයේ ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නමත් මෙයට සුළු මොහොතකට පෙර යෝජනා විය.

    මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජී.එල්. පීරිස් අමාත්‍යවරයා විසින් සභාව හමුවේ ප්‍රකාශ කරනුයේ රන්ජිත් සියඹලාපිටිය මහතාට සිය පක්ෂයේ සහයෝගය දෙන බවය.

    ඒ අනුව කථානායකවරයා තීන්දු කරනුයේ නාම යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇති බැගින් ඡන්දයක් පැවැත්වීමටය. මේ වන විට එම ඡන්දය පැවැත්වෙමින් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img