තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධයක නිරතවූ 13ක් අත්අඩංගුවට

    විරෝධයක නිරතවූ 13ක් අත්අඩංගුවට

    පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ අද පැවති විරෝධතාවයක දී පුද්ගලයින් 13දෙනෙකු පොලීසිය විසින්
    අත්අඩංගුවට තිබේ.

    ජයන්තිපුර ප්‍රවේශ මාර්ගයේ “විශ්වාසභංගයට සහාය ලබාදෙන්න…” යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතව සිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    එහි දී යම් උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අත්අඩංගුවටගත් 13 දෙනා අතර කාන්තාවන් තිදෙනෙක්ද සිටින බවය. මෙම පිරිස වෑන් රථයකින් පැමිණ එකවරම පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිරකරමින් පාර්ලිමේන්තුව වෙත ගමන් කරමින් සිටි මන්ත්‍රීවරුන්ගේ වාහනවලට බාධා කළ බැවින් සහ වාහනයකට අතින් පහරදීමක්ද කළ බැවින් අත්අඩංගුවට ගත් බවද නිහාල් තල්දූව මහතා කීය.

    අත්අඩංගුවටගත් 13 දෙනා මහරගම පොලිස් ස්ථානයේ රදවාගෙන ප්‍රකාශ සටහන් කරගනිමින් ඇතැයිද නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙසේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොටා ගෝ ගම්මානයේ විරෝධතාවයේ නිරතව සිටින පිරිසක් බව ද සඳහන්ය. කථානායකවරයාට ලිපියක් භාරදී නැවත යමින් සිටියදී මෙසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ද කියැවේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img