තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රටේ ආර්ථික තත්ත්වය ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

    රටේ ආර්ථික තත්ත්වය ගැන බරපතළ අනතුරු ඇඟවීමක්

    මේ වන විට රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයේ දිග පළල තවමත් පාර්ලිමේන්තුවේ සිටින 225 හෝ රටේ ජනතාව හරියාකාරව අවබෝධ කරගෙන නොමැති බව මෙන්ම මේ වන විට හිඟයට පමණක් සීමා වී ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළ දී සහමුලින්ම රටට නැතිව යනු ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති සමස්ත ආර්ථික අර්බුදය එතරම් බරපතළ සහ ගැඹුරු එකක් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කරනු ලැබුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

    මෙරට වත්මන් තත්ත්වය වහාම කළමනාකරණය කරගත යුතු බව මෙන්ම මෙම උවදුරෙන් මිදීමට නම් සියළු දෙනාමම ජාතික වගකීමත් ඇති බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ වන විට පාර්ලිමේන්තුව තුළ සහ සමස්ත සමාජය තුළ දැඩි කතාබහකට සහ විවේචනයට ලක්වී ඇත්තේ මේ වන විට රට තුළ උද්ගතව ඇති ගෑස් හිඟය, ඖෂධ හිඟය , ඉන්ධන හිඟය ආදී කරුණු කාරණා සම්බන්ධයෙන් පමණක් බවද අමාත්‍යවරයා පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img