තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මම මේ කරන්නේ රාත්‍රි මුරකාරයෙක්ගේ ජොබ් එක"- මුදල් ඇමති

    “මම මේ කරන්නේ රාත්‍රි මුරකාරයෙක්ගේ ජොබ් එක”- මුදල් ඇමති

    බදු ආදායම මේ වන විට 24% සිට 8.6% දක්වා අඩු වී ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී පවසයි.

    පවතින අර්බුදය තවත් වසර දෙකකින් විසඳෙනු ඇතැයි තමා නොසිතන බවත්, අර්බුදය වසර දෙකකින් විසඳනවාද නැතිනම් වසර 5ක් 10ක් ඇදගෙන යනවාද යන්න තීරණය කළ යුත්තේ දේශපාලනඥයන් බව ද මේ වනවිට පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියාසිටී.

    ආයෝජකයන් සොයාගැනීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයක් වුවත් පවතින තත්ත්වය මත ආයෝජකයන් නොපැමිණෙන බව ද හෙතෛම පෙන්වා දෙයි.

    “මම පෞද්ගලිකව විශ්වාසකරනවා මම මේ කරන්නේ නයිට් වොච්මන් කෙනෙක්ගෙ ජොබ් එක. අර ක්‍රිකට්වල තියෙනවා විකට් යන්න ගියාම ඉදිරිපෙළ ආරක්ෂා කිරීම සඳහා පසුපෙළ කෙනෙක් ඇවිත් විකට් එක බේරගන්න එක. මම කරන්නේ මේ ඒක. මම ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. මට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් මට පුළුවන් දේ කරනවා. ආර්ථික විද්‍යාඥයෝ ඉන්නවා නම් එන්න ඇවිත් මේක බාරගන්න අපි දෙන්නම්.”

    “චීනය කියලා තිබුණා අපි IMF ගිය එකට ඔවුන් කැමති නෑ කියලා. නමුත් මම පසුගියදා පැය එකහමාරක් ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් සහතික වුණා ඉන් පස්සේ IMF එකේදී අපේ සාකච්ඡාවෙදි පූර්ණ ලෙසම ඔවුන් උපරිම සහයෝගය දෙනවා කියලා. ඒක අපිට ලොකු ජයග්‍රහණයක්” යැයි ද මුදල් ඇමතිවරයා කීය.

    “මෙතෙක් කල් සිදුවුණේ භාණ්ඩාගාර අමාත්‍යාංශ ලේකම්වරයෙක් ලියලා දෙන අයවැයක් මෙතන කියවන එක. එහෙම නෙවෙයි පාර්ලිමේන්තුවට වැඩි මුල්‍ය බලයක් දෙන්න ඕන. මුදල් ඇමතිවරයා කවුරු වුණත් ඇමතිවරයාට ආර්ථිකය සම්බන්ධ උපදෙස් දෙන්න වෙනම යුනිට් එකක් හදන්න ඕන” යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img