තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩිෆෙන්ඩරයක් ගිනි තැබූ කුලියාපිටියේ සිද්ධියට 14 වියැති දරුවෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට

    ඩිෆෙන්ඩරයක් ගිනි තැබූ කුලියාපිටියේ සිද්ධියට 14 වියැති දරුවෙක් ඇතුළු 3ක් අත්අඩංගුවට

    කුලියාපිටිය කනදුල්ලේදී ඩිපෙන්ඩර් රථයක ගැටී යතුරුපැදිකරුවෙක් මිය යාම සම්බන්ධයෙන් ඩිපෙන්ඩරයේ රියයදුරු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවටගත් සැකකරුවන් අතර 14 වියැති දරුවෙක්ද සිටින බව පොලීසිය කියයි.

    මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති අතර අනතුරින් පසු කුපිත වූ ප්‍රදේශවාසීන් ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    ඩිපෙන්ඩරය කුළියාපිටියේ ව්‍යාපාරිකයෙකුට අයත් එකක බව පොලීසිය කියයි.

    අනතුර සිදුවන විට ඩිපෙන්ඩරයේ ගමන් කරමින් සිට ඇත්තේ ව්‍යාපාරිකයාත්, ඔහුගේ දියණියත් පුතාත් නිවසේ සේවයේ නිරතව සිටි දරුවෙකුත් බව පොලීසිය සඳහන් කරයි.

    අනතුර සිදුවන විට ව්‍යාපාරිකයාගේ බාල වයස්කාර පුතා ඩිපෙන්ඩරය පදවමින් සිට ඇති බවට ජනතාව චෝදනා කරමින් ගිනි තැබීම කර ඇතැයි පොලීසිය කියයි.

    ඩිෆෙන්ඩරයේ ගමන් කරන අතර තුර ව්‍යාපාරිකයාගේ පුතා විසින් ජංගම දුරකතනයකින් අවට වීඩියෝගත කරමින් සිට ඇති බවත් එම අනතුර පවා එහි සටහන්ව ඇති බව පොලීසිය කියයි.

    ඩිපෙන්ඩරයට ගිනි තබන්නේ අනතුරින් පසු පොලිස් නිලධාරියෙක් එම රථය පොලිස් ස්ථානයට රැගෙන යාමට එහි රියදුරු අසුනට නැග සිටියදීය. පෙට්රල් වත්කර ගිනි තබන විට පොලිස් නිලධාරියා පැති දොර විවරකරගෙන පිටතට පැන ඇති බවත් එසේ නොවන්නට එම නිලධාරියා ඩිපෙන්ඩරය සමඟ ගිනි ගැනීමට ලක්ව මිය යාමට පවා ඉඩතිබුණු බව පොලීසිය කියයි.

    මෙම අනතුරින් මියගොස් ඇත්තේ 38 වියැති කනදුල්ලේම පදිංචිකරුවෙකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img