තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අඩසියවසක මාධ්‍යකරණය වෙනුවෙන් ක්‍රිස්පිල් බෙනඩික් ඇගයේ

    අඩසියවසක මාධ්‍යකරණය වෙනුවෙන් ක්‍රිස්පිල් බෙනඩික් ඇගයේ

    වසර 50 ක පමණ කාලයක් සක්‍රීය ප්‍රාදේශීය මාධ්‍යකරණයේ නිතර වන ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතාට තම සංගමයේ සම්මාන සාමාජිකත්වය පිරිනැමීමට රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානය කටයුතු කර ඇත.

    එම සම්මාන සාමාජිකත්ව රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධනයේ ලේකම් සුනිල් එස්.පැල්ලන්දෙණිය මහතා විසින් ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතාට පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

    වෙන්නප්පුව – නයිනමඩමේදී පැවැති උත්සවයකදී මෙම ප්‍රධානය සිදු කරන ලදි.

    ක්‍රිස්පිල් බෙනඩික් ප්‍රනාන්දු මහතා එදින තම 80 වැනි උපන් දිනය සැමරීමද විශේෂත්වයකි.

    රටවටා ජනමාධ්‍යවේදියෝ සංවිධානයේ සභාපති සාලිය ගමසිංහආරච්චි මහතාද ඡායාරූපයේ වේ.

    ජුඩ් සමන්ත

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img