තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්ධන ප්‍රවාහන බවුසර් ගැන හදිසි තීරණයක්

    ඉන්ධන ප්‍රවාහන බවුසර් ගැන හදිසි තීරණයක්

    ඉන්ධන ප්‍රවාහනය සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචිය වහා විවෘත කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තය වෙත උපදෙස් දී තිබේ.

    එමෙන්ම සේවයට වාර්තා කිරීමට අපොහොසත් වන ඉන්ධන ප්‍රවාහනය සැපයුම්කරුවන්ගේ ලියාපදිංචිය අවලංගු කරන ලෙසත් උපදෙස් දුන් බව අමාත්‍යවරයා පවසයි.

    දුම්රිය, රජය සතු බවුසර්, ඉන්ධන පිරවුම්හලට අයත් බවුසර් සහ වර්ජනයේ නොයෙදෙන පෞද්ගලික කුලියට ගත් බවුසර් සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා කියාසිටී.

    අද පස්වරු 4 ට ඉන්ධන බෙදා හැරීම සඳහා භාවිතා කරන ලද මුළු බවුසර් ගණන 381 කි.

    ඉන් රජයට අයත් බවුසර් 84ක්, ඉන්ධන පිරවුම්හල් බවුසර් 103ක් සහ කුලියට ගත් බවුසර් 194ක් වර්ජනයේ නොයෙදී ක්‍රියාත්මක වූ බව අමාත්‍යවරයා කීය.

    එමගින් ප්‍රමාණවත් ඔටෝ ඩීසල්, සුපර් ඩීසල්, පෙට්‍රල් 92 සහ භූමිතෙල් ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කර ඇති අතර තොග ද පවතින බව ද හෙතෙම සඳහන් කළේය.

    ඔක්ටේන් 95 පෙට්‍රල් සීමා කර ඇති බව ද අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img